බබාලට සහ ගර්භනී මව්වරුන්ට කන්න ආස හිතෙන රස කෑමක්

Categories වැදගත් උපදෙස්Posted on

බබාට වගේම , ගර්භනී මව්වරුන්ටත් හදලා දෙන්න පුළුවන් රස කෑමක් ගැනයි අද කියලා දෙන්න හදන්නේ. මේ පොළොස් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

– පොලොස් ගෙඩියක්
– චොප්කරගත් රතුළූණු ගෙඩි 2ක්
– චොප්කරගත් අමුමිරිස් කරල් 2ක්
– චොප්කරගත් සුදුළූණු ටිකක්
– ලුණු
– ගම්මිරිස්කුඩු
– දෙහි යුෂ ස්වල්පයක්
– කරදමුංගු කුඩු ස්වල්පයක්
– කරපිංචා ස්වල්පයක්
– පාන් කුඩු 100g
– බිත්තර 1ක්
– තෙල් ස්වල්පයක්

සාදාගන්න ආකාරය

– පොලොස් ගෙඩිය පොතු ඉවත් කර කපලා තම්බන්න

– පසුව වතුර මිරිකා ඉවත් කර පොඩිකරගන්න

– මේකට ලුණු, ගම්මිරිස්කුඩු, අමුමිරිස්, රතුළූණු, සුදුළූණු, කරදමුංගු දමා හොඳින් අනාගන්න

– තෙල් ස්වල්පයක් ලිපේ තියලා රත්වෙනකොට කරපිංචා එකතු කරලා හදාගත්ත මිශ්‍රණය දාල හොඳට තෙම්පරාදු කරගන්න

– අතේ නොඇලෙන ගාණට මිශ්‍රණය තියෙන්න ඕනේ

– ඉන්පසුව පොඩි බෝල හදාගෙන බිත්තර සාරු හා පාන්කුඩු වල දවටලා ගැඹුරු තෙලේ බැදගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *