බබාට යෝගට රසම රස යෝගට් ඩෝනට්ස් හදලා දෙමු
අවශ්‍ය ද්‍රව්‍ය
– යෝගට් එකක්
– සම්පූර්ණ බිත්තර 1ක්
– බිත්තර කහමද 1
– අයිසින් ෂුගර් මේස හැඳි 2 1/2 ක්
– ලුණු පින්ච් එකක්ස්වල්පයක්
– පාන්පිටි කෝප්ප 1/2
– බේකින් පව්ඩර් තේ හැඳි 1
– බැදගැනීමට තෙල්
– සීනි මේස හැඳි 2
– කුරුඳු කුඩු ස්වල්පයක්
සාදාගන්න ආකාරය
– යෝගට් වලට බිත්තරය හා බිත්තර දාලා හොඳින් මිශ්‍ර කරගන්න.
– පසුව අයිසින් ෂුගර් හා ලුණු එකතු කරලා කලවම් කරගන්න.
– වෙනම බෝල් එකකට පාන්පිටි වලට බේකින් සෝඩා එකතු කරලා හොඳට කලවම් කරගන්න.
– ඒ ටික යෝගට් මිශ්‍රණයට දාලා බැටර් එකක් හදාගන්න.දියාරු වැඩි නම් තව පිටි ටිකක් දාගන්න. ගොඩක්ම උකු කරගන්නත් එපා.
– දැන් තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට මේ බැටර් එකෙන් හැන්දක් අරන් තෙලට දාගන්න.
– ඒ විදිහට තාච්චියේ තැනින් තැනට බැටර් එකෙන් ටික ටික දාලා ගැඹුරු තෙලේ බැදගන්න.
– සීනි වලට කුරුඳු කුඩු කලවම් කරලා මේ බැදගත් ඩෝනට් උණුවෙන්ම සීනි වල තවරලා කෑමට ගන්න.