ගර්භනී සමයේදී ඇති වන හිසරදය සමනය කරගන්නේ කොහොමද?

Categories ගර්භණී සමයPosted on

ගොඩක් වෙලාවට ගර්භනී මව්වරු මිග්‍රේන් වලින් පීඩා විඳිනවා. සාමාන්‍ය මිග්‍රේන් සමයේදී හිසරදය ඇති වෙන්න හෝමෝන වෙනස්කම්, ආතතිය, ම​ළබද්ධය, නින්ද නොමැතිකම, විජලනය, අඩු රුධිර පීඩනය, අඩු රුධිර සීනි මට්ටම් වැනි හේතු බලපාන්​න පුළුවන්. සමහර අවස්ථාවලදී preeclampsia තත්ත්වයන් නිසාත් හිසරදය ඇති විය හැකියි.

Preeclampsia කියන්නේ ගැබ්ගැනීම් වලින් සියයට පහක්5% හෝ 10%කට පමණ බලපාන අසාමාන්‍ය තත්ත්වයක්. preeclampsia ව​ල ප්‍රතිඵලයක් ලෙස ඇති වන හිසරදය නොනැවතී දිගින් දිගට​ම හිසට වේදනා දෙනවා. එහිදී බොඳවුණු පෙනීම හෝ දෟෂ්ටියේ ලප ඇතිවී​ම, බර වැඩිවීම, ඉහළ දකුණු උදරයේ වේදනාව සහ අත් සහ මුහුණ ඉදිමීම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි අවස්ථාවන් වලදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ගර්භනී සමයේදී හිසරදය වළක්වා ගන්න හැටි

– මෙහිදී නිවැරදි ඉරියව් වැදගත්. ඒ නිසා හිඳගැනීමේදී කෙළින් වාඩි වීමට උත්සාහ කරන්න.

– හැකි තරම් විවේකය ලබාගෙන සන්සුන් වීමේ අභ්‍යාසයන්හි යෙදෙන්​න.

– දිනපතා මිනිත්තු 30 ක ඇවිදින්න.

– නිතරම සමබ​ල ආහාර අනුභව කරන්න.

– සමහර ආහා​ර මිග්‍රේන් සඳහා හේතු විය හැක. ඒ නිසා දිනපතා ගන්නා ආහාර දිනපොතක සටහන් කර තබන්න. චොකලට්, කැෆේන්, කිරි, කල් තබා ගන්නා මස් වැනි හිසරදය ඇති කරන ආහාර වලින් වළකින්න.

– දිනකට අවම වශයෙන් වතුර කෝප්ප 8 ක් පානය කරන්​න.

මිග්‍රේන් සමනය කරගන්නේ කොහොමද?

– හිසට හෝ බෙල්ලට උණුසුම් වතුර මිරිකාගත් තුවායක් යොදන්න.

– රුධිරයේ අඩු සීනි වළක්වා ගැනීමට නිසි පරිදි ආහාර ගන්​න.

– වැඩිපුර ජලය පානය කරන්​න.

– හිස සම්බාහනය කරවා ගන්න.

– ඔයා ආලෝකය හෝ ශබ්දයට සංවේදී නම්, එවන් බාධාවන් අවහිර කිරීමට හෝ අවම කිරීමට උත්සාහ කරන්න.

– වෛද්‍යවරයා හමුවී වේදනාව සමනයට ඖෂධයක් ලබා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *