බාබට කිරි දෙන්න කලින් අලුත් මවක් දැනගත යුතුම දේවල් මෙන්න

Categories අලුත උපන්Posted on

අලුත උපන් බබාගේ පෝෂණය සහ ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලක් දක්වන්න ඕන. ඒක ඔයාට තනියම කරන්න ටිකක් අමාරු වෙයි. හැබැයි ඔයාට සැමියාගේ හෝ පවුලේ අනිත් අයගේ සහය ද ලබා ගන්න වෙනවා. මේ කියන්න යන්නේ ඔයා අලුත් මවක් නම්, අලුත උපන් බබාව බලාගන්නේ ආකාරය සහ කිරි දීමේදී ඔයා දැන සිටිය යුතුම කරුණු කිහිපයක් ගැනයි.

– බබාව ප්‍රසූත කරලා විනාඩි 30කට හෝ පැයකට පසු මව්කිරි ලබාදීම සඳහා බබාව ඉල්ලා ගන්න පුලුවන්පුළුවන්. ඒ නිසා ඔයා සාමාන්‍ය දරු උපතක් කළා නම් අනිවාර්යයෙන් මව්කිරි ලබා දෙන්න පැයක් ඇතුළත බබාව ඉල්ලගන්න.

– රජයේ හා පුද්ගලික රෝහල්වල ප්‍රසූතියෙන් පසුව ඔයාට කිරි එරීමට පහසුවීම සඳහා කිරිපෙති ලබාදෙනවා. හැබැයි දෙන මාත්‍රාව නියමිත දවස් ගණනට පමණක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කිරි පෙති මතම කිරි එරෙන්න ඉඩ ප්‍රස්ථාව ලබා නොදී කිරි වඩවන ආහාර පාන හා ව්‍යායම් සිදුකරලා බබාට අවශ්‍ය කිරිටික නිපදවා ගන්න.

– බබාගේ ප්‍රතිශක්තිකරණයට ලොකු මෙහෙයක් ඉටුකරන රන්කිරි, ඒ කියන්නේ මවට මුලින්ම එරෙන කිරි “කොලෙස්ට්‍රම්” බබාට ලබාදෙන්න අමතක කරන්න එපා.

– ගෙදර ආපු ගමන් midwife මිස්ට ඔයාගේ දරු ප්‍රසුතිය ගැන දැනුම් දෙන්දිය යුතුයි. මිස් ගෙදර එන දවසට අනිවාර්යයෙන් වේලාසන නැගිටලා පිරිසිදු වෙලා මිස්ට ඔයාව පරීක්ෂා කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මොකද මිස් ගෙදරට ඇවිත් අම්මගේ සීසර් හෝ විටපිය කැපුම, බබාගේ පෙකණිය, බබාට කිරිදෙන විදිහ වගේ ගොඩාක් දේවල් පරීක්ෂා කරලා බලනවා.

– බබාට කිරි දෙන සෑම වාරයකදීම තමන්ගේ දෙඅත් හා පියයුරු පිරිසිදු කරගන්න. දිනපතාම ස්නානය කිරීමට වගේම සීසර් හා විටපිය කැපුම පිරිසිදු කර හොඳින් වියළා ගන්න.

– කිරිදීමට ප්‍රථමයෙන් මද රස්නය ඇති උණුවතුර වීදුරුවක් පානය කරන්න, උණුවතුරින් පියයුරු සම්බාහනය කිරිම හෝ උණුවතුරින් ස්නානය කිරීම මඟින් ද කිරි එරීම පහසු කරවනවා.

– මවක් බබාට කිරි දෙනවිට මුල්ම විනාඩි 10දී එන්නේ උකු ස්වභාවයෙන් යුත් කිරි. එය “පෙර කිරි” ලෙස හදුන්වනවා. වතුර ගතිය නිසා ගොඩාක් අය කරන්නේ මෙම ඉවත් කරන එක. හැබැයි එය සම්පුර්ණ වැරදි ක්‍රියාවක්. මොකද මුල් විනාඩි දහය තුල එරෙන පෙර කිරිවල තමයි බබාගේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය ප්‍රෝටින් තියෙතියෙන්නේ. ඉන්පසුව විනාඩි දහයේ තමයි බබාගේ වර්ධනයට අවශ්‍ය මේදය, කැලරි අඩංගු එරෙන්නේ. මේ හේතුව නිසා තමයි අඩුම තරමේ විනාඩි 20ක්වත් බබාට කිරි දෙන්න කියලා කියන්නේ.

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *