බබාට යෝගට් වලින් වෙනස්ම Dessert එකක්

Categories වැදගත් උපදෙස්Posted on

බබාට දවල් Dessert එකට රස යෝගට් ජෙලි මූස්

අවශ්‍ය ද්‍රව්‍ය

– යෝගට් 4ක්
– flavours 3කින් ජෙලි පැකට් 3ක්
– පොඩි ටින් කිරි 1ක්
– බටර්

සාදාගන්න ආකාරය

– ජෙලි පැකට් එකක් උණුවතුර කෝප්ප එකක දිය කරන්න

– පසුව එය බටර් ගාගත් ට්‍රේ එකක දාලා සෙට් වෙන්න තියන්න.

– පසුව ඉතුරු flavours 2 වෙන වෙනම හදලා බාගෙට set කරගන්න

– දැන් ටින් කිරි එකෙන් බාගයක් දාලා බ්ලෙන්ඩ් කරගන්න

– පසුව එය හොඳටම සෙට් කරගත් ජෙලි එක උඩින් දාගන්න

– එය හොඳට සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න

– ඉන්පසුව බාගෙට set කරගත් ජෙලි ටික සහ ඉතිරි ටින් කිරි ටිකයි, යෝගට් 2කයි එකට බ්ලෙන්ඩ් කරන්න

– දැන් ආයෙත් ෆ්‍රිජ් එකේ තිබ්බ ජෙලි එක අරගෙන ඊළඟ ලේයර් එක ලෙස දාගන්න .

– යළි ෆ්‍රිජ් එකේ දාලා හොඳින් සෙට් කරගන්න

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *