අලුත උපන් බබාට ඇඳුම් තෝරා ගැනීමේදී ඔයා සැලකිලිමත් විය යුතු දේවල්

Categories අලුත උපන්Posted on

අලුත උපන් බබාගේ සනීපාරක්ෂාව ගැන ඔයා ගොඩක් හිතනවා නේද? විශේෂයෙන්ම බබාට ඇඳුම් තේරීමේදීයි. අලුත උපන් බබාට ඇඳුම් තේරීමේදී ඔයා දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

– කුඩා බොත්තම්, අලංකාර ගල් හෝ බෝ සහිත ඇඳුම් බබාට අන්දන්න එපා. මොකද ඒවා බබාට අනාරක්ෂිත වෙන්න පුළුවන්. ඒ වගේම ඇඳුම් වල සැරසිලි නොගැලවෙන ​සේ තදින් මැසීමටත් වග බලා ගන්න.

– බබාගේ නිදි ඇඳුම් මත ඇති ලේබල් මඟින් එය බබාගේ සෞඛ්‍යයට හිතකර ද අහිතකර ද යන්න ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි. බබාගේ ශාරීරික හා මානසික සංවර්ධනය ප්‍රමාද වීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු, සිතීම හා මතකය වැනි මානසික ක්‍රියාකාරකම් සමඟ ඇති වන ගැටලු ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇති කරවීමට ළමාබබාලගේ ඇඳුම් වල සමහර රසායනික ද්‍රව්‍ය හේතු වෙනවා. ඒ නිසා සෑම විටම ස්වභාවික රෙදිපිළි තෝරා ගන්න. එමෙන්ම, ඉක්මනින් ගිනි ඇවිලෙන්නේ නැති රෙදි වර්ග මිලදී ගන්න අමතක කරන්න එපා.

– පහසුවෙන් ඇන්ඳිය හැකි පුළුල් බෙල්ලක් සහිත ඇඳුම් තෝරගන්න. ඒ වගේම ලිහිල් අත් සහිත ඇඳුම් දරුවාට බබාට පහසුවක්.

– ඉදිරිපස ඇති ස්නැප් සහ සිපර්, පිටුපස ඇති ඒවාට වඩා පැළඳීමට සහ ඉවත් කිරීමට පහසුයි.

– පහළින් විවරයන් ඇති ඇඳුම් ඩයපර් ඇන්ඳවීම හා වෙනස් කිරීම පහසු කරනවා.

– සේදීමට පහසු හා අයන් කිරීමට වැඩි කාලයක් හෝ ශක්තියක් වැය නොවන, ලේබලය මත “මැෂින් වලින් සේදිය හැකි” යැයි සඳහන්ව ඇති ඇඳුම් මිලදී ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *