ගර්භනී සමයේ නින්ද නොයෑමට පිළියම්

Categories ගර්භණී සමයPosted on

ගර්භනී සමයේදී හරියට නින්ද නොයෑම සාමාන්‍ය දෙයක්. මේ තත්ත්වය හැඳින්වෙන්නේ Insomnia විදිහටයි. මෙහිදී නින්දට වැටීම හෝ එක දිගට නිදා ගැනීම ටිකක් දුෂ්කරයි. ගර්භනී සමයේදී ඇති වෙන තෙහෙට්ටුව සහ නින්ද සම්බන්ධ ගැටළු වලට ඔයාගේ ශරීරයේ හෝමෝන වල වෙනස්කම් විශාල හේතුවක් වෙනවා. මෙම වෙනස්වීම් මාංශ පේශි වලට බාධාකාරී බලපෑමක් ඇති කරන්නත් පුළුවන්. මෙම හෝර්මෝන වෙනස්වීම් සමඟ ඔයාට ඇති වන සංකූලතා නිසාත් නින්ද නොයෑම ඇති විය හැකියි.

මෙම නින්ද නොයෑමට කළ හැකි පිළියම්

– නිදා ගැනීමට වෙනම වෙලාවක් වෙන් කර සැලැසුමක් හදාගන්න

– ඔයාගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත දිනකට මිනිත්තු 30 ක් පමණ ව්‍යායාම කිරීමට උත්සාහ කරන්න.

– ඔයාගේ කළලයට හා වකුගඩුවලට රුධිර ප්‍රවාහය සහ පෝෂ්‍ය පදාර්ථ ලැබීම වැඩි දියුණු කිරීම සඳහා වම් පැත්තට නිදාගන්න සහ දීර්ඝ වෙලාවක් තිස්සේ උඩුබැලි අතට නිදාගැනීමෙන් වළකින්න.

– ඔයාට සුව පහසු ඉරියව්වකින් ඉන්න නම් ස්ලම්බර් කොට්ටයක් ( Slumbar Pillow) භාවිතා කරන්න. එමඟින් ඔයාට සුවපහසුවක් ලබා දෙන අතර කොඳු ඇට පෙළට ලැබෙන්න ඕනේ නිසි සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි කරවනවා.

– දිවා කාලයේදී දියර වර්ග බොන්න. විශේෂයෙන් ජලය පානය කරන්න. ඔයා රාත්‍රී නින්දට පැය 2 කට කලින් පානය කරන දියර ප්‍රමාණය අඩු කරන්න.

– කුළුබඩු සහිත, ආම්ලික හෝ බැදපු ආහාර ගැනීම නවත්වන්න. ඒ වෙනුවට දවස පුරා නිතර නිතර ගුණදායී කුඩා ආහාර වේල් ලබාගන්න.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *