වීනාඩි 15කින් S’mores Cups හදමු

Categories වැදගත් උපදෙස්Posted on

වීනාඩි 15කින් බබාට රස ස්මෝර්ස් කප්ස් හදලා දෙමු. මේවා බබාලගේ birthday party එකටත් ගැලපෙන පහසු ඩෙසර්ට් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

– කුඩු කරගත් ක්‍රීම් ක්‍රැකර් කප් 1 3/4
– බටර් කප් 1/2
– කුඩු කරගත් සීනි මේස හැඳි 2ක්
– චොකලට් චිප්ස් හෝ කැබලි කරගත් කුකින් චොකලට් කප් 1
– උඩින් දැමීමට මාශ්මෙලෝව්ස් අවශ්‍ය පමණ

සාදාගන්න ආකාරය

– අවන් එක සෙල්සියස් 160ට ප්‍රී හීට් වෙන්න දාගන්න.
– ඒ අතරතුර භාජනයකට බටර් ටික දාල, ලිපේ තියන් යන්තම් රත් කර දිය කරගන්න.
– වෙනම භාජනයකට කුඩු කරගත් සීනි සහ ක්‍රීම් ක්‍රැකර් එකතු කරගෙන, ඒකට දිය කරගත් බටර් ටික දාල ගෑරප්පුවකින් හොඳට මිශ්‍ර කරගන්න.
– බටර් තවරාගත් ට්‍රේ එකක් ගෙන, මේ මිශ්‍රණයෙන් කොටස බැගින් එක් කර අතින් තද කර ලේයර් එකක් දාගන්න.
– ප්‍රී හීට් කරගත් අවන් එකට ට්‍රේ එක දාල විනාඩි 10ක් බේක් කරගන්න.
– අවන් එකෙන් එලියට ගත් විගසම චොකලට් චිප්ස් ටික බිස්කට් තට්ටුව උඩින් දාගෙන ඒකට උඩින් මාශ්මෙලෝව් තියල නැවත අවන් එකට දාගන්න.
– මාශ්මෙලෝව් උඩ දුඹුරු පාට වෙනවිටම අවන් එකෙන් ඉවත් කරගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *