කාන්තාවන්ට සරු බව ගෙනෙන ආහාර

Categories AdvicePosted on

අළුත බැඳපු යුවලකගේ ඊළඟ බලාපොරොත්තුව තමයි දරු සම්පතක් ලබා ගැනීම.නමුත් යම් යම් ගැටළු නිසා සමහර දෙමව්පියන්ට දරුවන් නොමැතිව කාලයක් තිස්සේ බලාගෙන ඉන්න වෙනවා. ඒ තත්වයට ප්‍රධානම හේතුවක් විදිහට මද සරු භාවය හඳුන්වන්න පුළුවන්.හැබැයි මද සරු භාවය නැති කරලා ඩිම්බ මේරීම සඳහා උදව් කල හැකි ආහාර තිබෙනවා.ඒ මොනවද කියලා අද අපි බලමු

අලිගැටපේර

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ සරු භාවයට ගුණදායක වන අතර තරුණ බව රැකදෙනවා.

බිත්තර

බිත්තර මඟින් ප්‍රෝජෙස්ටරෝන් ඇතුළු ගර්භණි සමයට අවශ්‍ය හෝර්මෝන නිෂ්පාදනයට උදවු වෙනවා.

පැඟිරි සහිත පලතුරු

දොඩම්, ලෙමන්, දෙහි, මිදි වැනි පලතුරු වල බහුල විටමින් සී අඩංගු වෙනවා.පැඟිරි සහිත පලතුරු වලින් ශුක්‍රාණු ඩිම්බය කරා යාම ශක්තිමත් කරන අතර කාන්තාවන්ගේ හෝර්මෝන ක්‍රියාවලිය සමතුලිත කරනවා.

මීපැණි

ඇමයිනෝ ඇසිඩ් බහුලව ඇති අතර කොපර්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් වැනි ඛණිජ ලවන මීපැණි වල අඩංගු වෙනවා.

ආමන්ඩ්

ආමන්ඩ් වල විටමින් E බහුල නිසා ශුක්‍රාණු වල පෝෂණයට වැදගත් වන අතර එහි ඇති ඇන්ටිඔක්සිඩන්ට්, ඩිම්බය ආරක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *